සාක්කියට ඇරයුම්

දෙයියෝ සාක්කි!!

“කාටද සාක්කි දෙන්න කියන්නේ??”
-දෙයියන්ට-
“සා වෑවු!! එනවා කිව්වද සාක්කි දෙන්න?”
-ආ?- (ඇහි බැමි මට්ටම අස්තානගත වෙමින්)
“ඇයි අවුල් ද? කරන්න දෙයක් නෑ ඉතින්” 

සරලයි මිත්‍රයා..

උඹයි මමයි දැකලා කතා බහ කරලා නැති විජ්ජා ඇටකිච්චාවක් මේ ආගම.

ආගම යන වචනය විසන්දි කරොත්;

ආගම=ආ+ගමනය නම්,

කුමනාකාරයේ කෙහෙල් පුශ්පයකට ද වන්දනාමාන යන පිලිවෙත් බොකු  2 x 2 = 4කින් ඉශ්ඨ සිද්ද කරන්නේ? හර රහිතයි.

ආගම=ආ+ගමනය; කිසියම් ශාස්තෘවරයෙකුගේ ආ ගමනයක් පිලිබඳ යැයි අනුමාන කරත්, අහවල් වංගෙඩියකට ද මම උඹ තෙල්, මල්, පහන්, සුවඳ සඳුන්, සාදික්කා, වසාවාසි තියලා වැඳගෙන දඟලන්නේ? අපි හැම එකාටම තියෙන්නේ ඒක පුද්ගල දර්ශනයක්. ආගමක් අදහන එකයි දර්ශනයක් අනුගමනයයි දෙකක්.  මේ සේරම දේවල් තම තමන්ගේ හිත සනසගන්න හොයගත්ත විදි. උඹට පිට කොන්දක් නෑ උඹේ හිතට තනියම කතා කරන්න. ඒකනේ ඇත්ත? තැන් තැන් වලට ගිහින් බඩ ගාගෙන, ඇස් වහාගෙන, අත් වැඳගෙන, තව පුද්ගලයෙක් හරහා උඹ උඹේ හිතටම ආමන්ත්‍රණය කරනවා.

උඹ එවරස්ට් කන්ද උඩ ජොකා පිටින් පොලවට අංශක 39.356ක් ලම්ඹකව එක ඇහැක් ඇරගෙන දෙයියන්ට  talk කරත්, මොකෝ උඹව රාජාලියෙකුගේ පිටේ එවරස්ට් කන්දෙන් පල්ලෙහට බස්සයිද? නෑනේ? උඹ නැග්ගා නම් උඹම බැහපන් කියන automatic theory එක automatically උඹට apply වෙනවා. බොරු නම් නැගලා බලපන්.

සරලයි!!

භාවනාවෙදි, යාඤ්ඤාවේදී ඕන කෙහෙල් පුශ්පයකදී උඹ ආමන්ත්‍රණය කරන්නේ උඹේ හිතටයි. උඹ ඉල්ලන්නේ උඹේ හිතෙනුයි. උඹව අහගෙන ඉන්නේ උඹේ හිතයි. වෙන මොකෙක් හරි මේක අහගෙන ඉඳලා උඹ ඉල්ලන දේවල් උඹට දෙන්න ඇයි උඹ අමුතුවට හැදුන එකෙක්ද? වෙන කෙනෙක්ව පොර කරන එක දැන් පරණයි. ඇත්ත ඇති සැටියෙන්!! මේ කථා කරේ උඹේ හිතට. සටහන ඉවර වෙනතෙක් කියෙව්වෙත් උඹේ හිත ලියවිලා තියෙන කරුණු පිලිගත්ත නිසයි. අකමැත්තෙන් හරි.

ඔව්!

ඉවරයි!!
-පැතුම් වීරසූරිය-

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s