ඩ්‍රැකියුලා මැරුණු හැටි

නම: ඩ්‍රැකියුලා
වකවානුව: 1897-2013
ආරම්භය: එංගලන්තය
යැපීම: කන්‍යාවන් මත 

(Zing….Zing)

(ෂටර් වේගය නොතකමින් කවුරුන් හෝ වේගයෙන් මාරු වෙයි)

(ආයාසයකින් තොරව )

එකදාස් නමසිය බර ගනන් වල, ඈතට දිවයන අතීතයක, සාමාන්‍ය මනුස්ස ශරීරයකට කල නොහැකි සහ දරා ගත නොහැකි ක්‍රියා සම්භාරයක් කරන්නටත්, ජීවය ගැටගසා ගැනීමට කන්‍යාවන්ගේ ලේ උරා බොන්නට වැඩි ඇල්මක් දැක්වූ ගින්දර කොල්ලෙකි ඩ්‍රැකියුලා.

ඔව්.
දැන් මුන් නෑ තමයි.
හිටියානන් සිංහයා ශාකභක්ශක වෙන්න ඕන වගේ ඩ්‍රැකියුලා කන්‍යා කොල්ලන් මත යැපෙන්න ඕනේ.

ඩ්‍රැකියුලා!!
පැවැත්ම උදෙසා..
සමානුපාතික සමලිංගික වෙයි. (අවුල් සහගතයි)

විවාහයකදී,
බෑණන්ඩියා සිරිතක් විදියට මංගල රාත්‍රියේදී යහන මත සුදු රෙද්දක් එලා,
තම නැන්දම්මාට පසු දින උදයේ තක්සේරුවක් විදියට,
රතු පැල්ලමක් සහිත මේ රෙද්ද පෙන්විය යුතු බවට අපි අනුමාන කරමු.
අත පය කපලා තමයි රතු පැල්ලමක් පෙන්නන්න වෙන්නේ රෙද්දේ.

රෙද්ද!!

ඔව්. දැන් කියහන් අපි ඉන්නේ 21 වෙනි සියවසේ, ඕවා සාමාන්‍ය දේවල් නේ, මං හණමිටි අදහස්කාරයෙක්, ලෝකේ කැරකෙනවා, මිනිස්සු දියුණු වෙනවා, අපිත් කැරකෙනවා, අම්මගේ රෙද්ද.

කැරකෙනවා උඹේ වටේ මැස්සෝ!! 

“එකියෙක් ඇවිත් කියහන් බලන්න මං තවම කන්‍යාවක් කියලා. කියලා ඔප්පු කරහන්. මං නම් උඹේ ලේ බොන්නේ නෑ යෝධියේ සාපිපාසාවේ මැරුණත්” ඩ්‍රැකියුලා තම පණ කෙන්ද පිලිබඳව ආසාව අතාරිමින් කීවේය.

2013 භිහිසුනු කට්ට කළුවර රාත්තිරියක,
හිතාදර වැදගත් ඩ්‍රැකියුලා මයා,
මෙලොවින්, සාපිපාසාවේ
හුස්ම තුනක් ඉහලට ඇද,
පහළට නොහෙලා,
අප අතරින් මැකී ගියේය.

මරණයට හේතුව: කෑම හිඟ වීම

ඩ්‍රැකියුලා අනුස්මරණ කමිටුවේ බලකිරීම මත ලීවෙමි.

-පැතුම් වීරසූරිය-
ඩ්‍රැකියුලා මැරුණු හැටි

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s