යාළුවෝ-නානුවෝ

විඳිනවා විඳෝනවා දේයාකාරයි අදහස ‘ජීවිතය’
බම්බුව!!

 

cool-cute-friends-people-shadow-Favim.com-80414

 

-අපි හැමෝටම යාළුවෝ ඉන්නවා. නේ?
-ඔව්. ඉතින්?

විවිද සංකල්ප, විකල්ප, අනුවර්ත, නාමාවලි, බත් බන්දේසි, එකී මෙකී නොකී වැකි මළදාන ගොඩකට දාන්න පුලුවන්කම තිබුනත්,
අපි නම් කරමු පස් කට්ටුවකට.

-පස් කට්ටුවකට??
-ඔව් ඔව් බං, කට්ටි පහකට
(‘පස් කට්ටුව’ යනු කුමක්දැයි යන ප්‍රශ්නය ඔබේ සිතත් ඇසුවේ නම් ‘පොඩි එකා’ යන වචනයෙන් ඔබට බෝනස් ආමන්ත්‍රණයක්)

හරි. කතාවට එමු..

මේ කතා කරන්න යන යාලුවෝ පස්දෙනා හැම ගැන්සියකම, සැට් එකකම, බජාර් එකකම, සමාජෙකම ඉන්නවා.

කවුද දැන් මේ පහ?

1. ඔපලා

2.තැපෙලා

3.සිකිලා

4.සොත්ති

5.කැරිස්ටනාර්තෝ

ආතල්.. (මද සිනාවක්)

 

  1. ඔපලා නොහොත්  open වෙලා

    සමාජේ හුරුයි. වචනත් සරුයි.

    24/7 සිනහා මුසු මුහුණින් සිටීමට වඩාත් ප්‍රියකරයි. සෑම ප්‍රශ්නයක්ම, ක්‍රියාවක්ම,වචනයක්ම සිනහවකින් අවසන් කිරීමට හැකි සහ කැමති මෙම සගයා හැම සැට් එකකටම දායාදයකි. තමාගේ සැනසිල්ලට නොහොත් ආතලයට බාධා වෙන සෑම දෙයකින්ම පාහේ, සිනහා අවියෙන්, තම ශරීර කූඩුව මැනවින් ආරක්ෂා කර ගැනීමට සමත්කම් දක්වයි. තමාගේ ආතලය මූලික කොට තකනා මෙම රන් මිතුර, හුළං අතට රුවල කරකවනා වාසි නැවියෙකි. එතෙර රටවල් වල සිට මෙතෙරට පැමිණෙනා යාළුවන්ට වැඩි ඇල්මක් දක්වයි.එවිට මෙතෙර යහලුවන් ගල් කර, එතෙර සිටි පැමිණි යහලුවා සමග තනි පංගලමේ මංගලේ යෑමත්, භජනය වැඩි වීමත් සාමන්‍ය සිරිතකි. විටක නිශ්ශබ්දව, තමාගේ සිත තුළ ඇති ආසාව හෝ ක්‍රියාව තවකෙකුගේ මුවින් පිට වෙන තෙක් බලා සිට ඉස්තීර කරයි. ක්‍රියාශීලී චරිතයකි. ත්‍රයි ලෝක විජිත පත්‍ර සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.කෙතරම් භජරංගියෙකු වූවත්, තම නිවස, දෙමව්පියන්, පෙම්වතිය වෙත අවදානය අවදානයෙන් දීමට වග බලා ගනී. සමබරතාවය හා සමබර කිරීම පිලිබඳව ගෞරව උපාධියෙන් පිදුම් ලබා ඇති මොහු, නන්නාඳුනන ඕනෑම සමාජයක නොභියව වෙසීමට හැකියාව දක්වයි. සිනා බෝ වේවා!!

  2. තැපෙලා නොහොත් තැන්පත් වෙලා

    නාඩියට මීටරේ. ඉන්නේ වගේ සීතලේ.

    ගතානුගතික හෝ මවාවදාල අහිංසකත්ව චරිතයක් හිමි මෙම වැදගත් මිතුරා, ශිල්ප ශාස්ත්‍රී උපරිම කටු කැඩූ සිල් ගත් බළලෙකි. කොස් ඇට දෙක දෙක බාන්නටත්, තව බළලෙකු ලවා කොස් ඇට බාවන්නටත් හපන්කම් දක්වයි. ඕනෑම පුද්ගලයෙකු සමග ජාඩියට මූඩිය වීමේ හැකියාව ප්‍රගුණ කර ඇත. සවන් දීමට වැඩි ඇල්මක් දක්වයි. අවස්තානුකූලව සංවේදී වීමටත්, කපටි වීමටත් කෙටියෙන් තැනේ හැටියට ඇනේ නෙලන්නට ස්වයං ආර වලට හිමිකම් කියයි. තමන්ට අවශ්‍ය කාර්ය්‍ය බෙල්ලක් කඩා හෝ ඉශ්ඨ සිද්ද කරගන්නට නිහඬව මාන බලනා මූ, විටක භයානකය. ඉඳහිට හානියක් නොවෙනා බොරුවකින් යහලුවන්ගේ සිත් ලකුණු කරයි. සෑම පුද්ගලයෙකුම ආශ්‍රය කිරීමට අකමැති වුවද, අත්දැකීමට ප්‍රියය. අවවාද හා අනුශාසනා ඉදිරිපත් කරයි. අර්ථ රසයෙන් වැඩි දේවල් සහ කරුණු සාකච්ඡා කරන්නට කාලය වැය කිරීමට කැමති මොහු විටක බක පණ්ඩිත කමක් උසුලයි. තමන් තවකෙකුට දක්වනා සැලකිල්ල සහ ගෞරවය ආපිට තමන්ට නො එන කල, සිත් තුල සිත් අවුලකට ලක් වේ. ඉන් පසු තඹ සතේකට මායිම් නොකරයි. මධ්‍යම ක්‍රියාශීලී. නිර්මාණශීලී. ත්‍රයි ලෝක විජිත පත්‍ර සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. තාර්කික හා කරුණු ඉදිරිපත් කිරීමෙහි ලා ගෞරව උපාධියෙන් පිදුම් ලබා ඇත. අහිංසකයි රටක් වටී!!

  3. සිකිලා නොහොත්  Serious Killah’

    සර්ව සම්පූර්ණයෙන් සර්වවල්ලභ සිරා..

    කියන වචන හා කරන ක්‍රියාවන් දඩ බඩ තද බල ලෙස දණිස් අමෝරා කොළ බොක්කටම ගන්නා එකෙකි. සිතුවිල්ලෙහි දල්ලටම නගී. වචනයක් වචනයක් පාහේ සිරා සොයා යන මොහු, සංවේදිත්වය කැටි වූ නිහතමාණි, වැදගත්, යහලුවන් කෙරෙහි විමසිල්ලක් දක්වන සුන්දර මිතුරෙකි. තමුන් ගැන වඩා, අනෙකා ගැන සිතන මොහු, විටෙක යහලුවන් හේතුවන් සිත් තැවුලට ලක් වෙයි. නමුදු එය කෙටි කාලීන සිත් තැවුලකි. සූක්ශම අවධානයෙන් මිනිසුන් සහ වටපිටාව අධ්‍යයනය කරයි. වචන හැසිරීමෙන් මධ්‍යම ඝන වේ.තවත් විටෙක කුඩා දරුවෙකු ලෙස හැසිරෙන මෙම දුලභ මිත්‍ර රත්නය, තේරුම් ගැනීමෙහි මද අලස ස්වරූපයක් ගනී. සෘජු කථනයට ඇල්මක් දැක් වුවද, කථනයට පෙර අනෙකාගේ සිත් තැවුල ගැන මදක් මෙනෙහි කරයි. කාල සංවේදී වේ. මොහු නිසා තවකෙක් සිනා වෙනු දැකීමට රිසි වෙයි. ඉවසීම සැලකිය යුතු මට්ටමකට ප්‍රගුණ කර ඇත.හැකියාවට රැකියාව කරනට රිසි මොහු හුදෙක් නිර්මාණශීලී හැකියාව තම කුලුපග මිත්‍රයා කරගනී. කෙතරම් සිරා යනවද කිව්වොත් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිත දැඩි කරගන්නා අවස්ථා ද නැතුවම නොවේ. ත්‍රයි ලෝක විජිත පත්‍ර සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. කථා කීමෙහි සහ අහක යන කුණු ගොඩවල් තමන් සතු කර සිරාව සොයා බදා ගැනීමෙහි ගෞරව උපාධියෙන් පිදුම් ලබා ඇත. සිරා සමඟ වාසේ!!

  4. සොත්ති නොහොත් sorry සිත කාන්ති

    වෙට්ට පිත්තල..

    කුම්මැහියෙකි. ආත්මාර්ථකාමියෙකි. රට නලුවෙකි. නිතරම තම වාසි මත සිත රඳවන මොහු, සිතුවිලි දෝලනයක් තුලින් වාසි මණ්ඩපය වෙතට බඩගා යන්නෙකි. උත්සහවන්ත තරුවකි. කිනම් හෝ කථනයක් තුළ, තමන්ගේ තර්කය සාවද්‍ය මුත්, නිවැරදි බව ඔප්පු කරන්නෙකි. සත පහක දෙයක් මොහුගෙන් බලාපොරොත්තු වෙනවාට වඩා, මෙලොව දිවි ගෙවනා ඉබ්බන් 78 දෙනෙක්ට, තටු එනවා බලා සිටීම බලපොරොත්තු තබා ගත හැකි කරුණක් ය. බුද්ධිමත් ස්වරූපයක් ගනී. නමුත් සමහර අවස්ථා තුල අමුම අමු ගොන් පඩත්තලයෙකි. ස්වයං ආතලයට ප්‍රිය දක්වන්නෙකි. මූසල හා ගුප්ත ක්‍රියාමාලාවක් හිමි චරිතයකි. ගැහැණු ගතියක් වන ඔරොප්පු වීම ද විටෙක ඉස්මතු වෙයි. තෝරා ගත් පිරිසක් ඇත. ගල් වීම හා ගල් කිරීම ජන්ම හැකියාවකී. යන එන ඕනෑම තැනක තම සුවපහසුව ප්‍රථමයෙන් සොයනා මොහු සිත තුළ දහසක් දේවල් ගබඩා කරයි. යහලුවන්ගෙන් සිත් තැවුලට හා ඔරොප්පුවට කාරණාවක් සොයගත් විට, ප්‍රාථමික පලිගැනීමේ චේතනාවක් මොහු ඉස්මතු කරගන්නේ හුදෙක් ආතලයට පමණි. රහසේ වැඩ කිරීමට කිරි පැණි ඇල්මක් දක්වයි. සිතා බලා දෙයක් කිරීම බාළ වියේ සිට වර්ධනය කරගෙන එන තලෙන්තුවකි. ප්‍රේම ජවනිකා තුල හත් අට පොලකම මාර්මයිට් තවරා ගනී. ඇඟ බේරා ගැනීම ගෙදරින් ලැබූ මූලික අධ්‍යාපනයයි. විටෙක තනිකරම දෙමළ චිත්‍රපටයකි. කතාවට වඩා අවධානයට හා තනි පංගලමට ප්‍රිය කරයි. මිනිස්සු 100ක් මැද වුවද අන්ධ ගොලු බීරෙක් විදියට හැසිරීමේ හැකියාව ඇත. ත්‍රයි ලෝක විජිත පත්‍ර සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. රහසේ වැඩ කිරීමට හා ආතලයට, පෝරියල්, පළිගැනීමෙහි ගෞරව උපාධි ඇත. මොංගල පෝංග!!

  5. කැරිස්ටනාර්තෝ නොහොත් carry ඛන්නා

    carry collaborations…

    කෙටියෙන්…

    ගල් කිරීම, වල් කිරීම, ගල් ගැසීම, වල් වැදීම, හිල් කිරීම, නම් කැපීම, දුක කිරීම, බොක කිරීම, කල කිරීම, බඩු කැඩීම, හැලීම, දැලි ගෑම, දත කෑම, හිත කෑම, වලි කෑම යන collaborations වලට බඩ කට පිරෙන්න මදි නොකියන්න පූර්ණ අනුග්‍රහය දක්වයි.

    ත්‍රයි ලෝක විජිත පත්‍ර සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

    Carry සම්පත්  පිළිබඳ තත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත. හොදි එපා!!

 

කැමති අංකයකට දාගන්න
Part II එක්ක හම්බෙමු.
සුභ දිශාව හැරෙන හැරෙන පැත්ත.
පාරේ අයින් වෙලා යන්න.

-පැතුම් වීරසූරිය-
යාළුවෝ-නානුවෝ I

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s