ඉතාලියේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට

A tutti  Sri Lankans in Italia

වෙන්නප්පුව, නැත්නම් පුංචි ඉතාලිය කිව්වත් හරි. කතාවට පෙළක් මිනිස්සු කියනවා වෙන්නප්පුවේ හැම ගෙදරකම කෙනෙක් හෝ ඉතාලියේ කියලා. ඉතිං සංතෝසයි!
මොකද කිව්වොත්,
ලංකාව හැමදාම ලිස්ට් එකේ “දියුණු වෙමින් පවතින රටක්’- සංතෝසයි.
ඉතිං මේ හැමදාම දියුණු වෙමින් පවතින රටේ ඉඳන්, දියුණු වූ ජාතියක් ඉන්න රටක, තමන්ගේ සාර්ථකත්වය මූලික කරගෙන කට්ට කාලා හරි ජීවිතේ ගෙවන, ගෙවන්න ට්‍රයි කරන, ගෙවමින් ඉන්න උඹලා දිනුම් බං. මොකද දියුණු වුන මිනිස්සු කොට්ඨාශයක් එක්ක පෑහිලා, ඇඳලා කරලා, කාලා බීලා, ආතලුත් දාලා, සල්ලිත් හම්බ කරලා ඉන්න උඹලා දිනුම්!

මං දන්නවා…

1.අම්මා තාත්තා
2.ගෙවල් දොරවල්
3.ගෑණු දරුවෝ
4.ළමයි ළපටි
5.යාළුවෝ
6.ලංකාවේ ගත්ත ආතල්

…මේවා මතක් වෙද්දි උඹේ හැඟීම. (හැඟීමක් එන්නේ නැත්නම් උඹ පරයෙක් වෙන්න ඕනේ, ඒකත් කියන්න එපැයි)

ඒත් හදවතින්ම,
දියුණු ජාතියක් මැද්දේ ජීවත් වෙන උඹලා දිනුම්!!

“බිල් ගෙවලා ඉවර වුනාම හම්බ කරන එකෙන් සොච්චමයි මල්ලි ඉතුරු. ඒත් කොහොමහරි ගෙදරටත් කීයක් හරි එවලා, මාත් කාලා බීලා, ණය ටිකත් ශේප් එකේ ගෙවලා ගැටගහගෙන යනවා.” මිතුරෙක් දවසක් මගේ මූණ දිහා කෙළින් බලාගෙන කිව්වා.
බල්ලෝ මරලා සල්ලි හොයන්න පුළුවන් කම තියෙද්දී,
ලක්ශ 15ක් 16ක්,
ඉඩමක් උකස් තියලා, ණයට පොළියට අරං ගෙවලා ගිහිං,
සේරම දේවල් වලින් ඈත් වෙලා,
ආත්ම විශ්වාශයෙන් ආත්ම තෘප්තිය හොයන උඹ,
ඉපදීමම දුකක් වෙච්ච මේ ජීවිතයේ,
‘දිනුම’ පැත්තට ඇවිල්ලා ඉවරයි බං!!

උඹ හොයන හැම euro එකකම උඹේ දාඩිය, උඹේ මහන්සිය තියෙන්නේ. උඹ හොයන euro කොලේකින් උඹ අම්මට තාත්තට, ගෙදර අයට, පොළී කාරයන්ට කන්න බොන්න දෙනවා. උඹ හොයන euro වලින් ගේ දොර, යාන වාහන ගත්තා. උඹ දාඩිය වත්කරගෙන, කරගැට දාගෙන, නිදිමරාගෙන, සැපවත් ජීවිතෙන් ඈත් වෙලා හොයන euro කොලේ තමයි උඹට බලාපොරොත්තුව සහ ආත්ම විශ්වාසය ගෙනාවේ කියලා කිව්වොත් හරි කියලා මං හිතනවා. ලංකාවට ඇවිත් උඹ වාහනයක් රෙන්ට් එකට අරං නෙවෙයි, chopper එකක් රෙන්ට් එකට අරං ගියත් ඒ උඹේ අයිතිය. නේ? මේක මං කියන්න හේතුව, ඉතාලි ගිහින් එන උඹ, ලංකාවේ වාහනයක් රෙන්ට් එකට අරං යද්දි මෙහේ ඉන්න සම හරක් ට උඹලට ගරහන්න ඕනතරම් වචන තියෙනවා. මොකද ඒ දර්ශණ උන්ට කටු සහෝදරයා.

උඹලා දිනුම් සහෝදරවරුනි.

උඹට ඊරිසියා කරන මිනිස්සු ප්‍රමාණය වැඩි කරගනිං. මිනිස්සු උඹට ඊරිසියා කරන තරමට උඹ සාර්ථකයි. වැඩිපුර ඊරිසියාව අති සාර්ථකයි.

මනුස්සයෙක්ගේ සාර්ථකත්වය බලලා තව මනුස්සයෙක්ට සතුටු වෙන්න බැරි නම්, අඩුම තරමේ ඊරිසියා නොකර ඉන්න පුළුවන් නම් එතන තමුන්ට සාර්ථකත්වය පටන් ගැන්මයි. ඇස් වලට කටු ඇන ගන්න උන්ටයි මේක කිව්වේ.

මං ඉතාලි ගිහින් නැහැ.

මිතුරු ඇසුරෙන් ගත් කරුණු වලින් ලීවෙමි.

-පැතුම් වීරසූරිය-
ඉතාලි වගතුග

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s