සුලභ දෘශ්ඨි අගතිය

ඒ මොනවද?
(සිනාසෙමින්)

-ඈඳිගන්න-

අවස්ථා 1

‘සාත්තරේ… සාත්තරේ…’

දවසක තනි හවසක Galleface එකේ ඉඳගෙන බර කල්පනාවක ඉද්දී, දැහන් සේරම අස්තාන ගතවෙමින් මේ වචන දෙක අහුනේ, කන ලඟ සාස්තර කඩයක් දාලා වගෙයි.

‘මාත්තයා.. ලොකූ දේවල් වෙන්න තියෙනවා මාත්තයා’
කොල පාට සාරියකින් සැදී පැහැදී, කටම රතු වෙන්න බුලත් විටක් අඹරමින්, තරමක් අවුල් වූ කොන්ඩය එකට එක්කාසු කරමින් සිටි ඇය මා දෙස බලා කියන්නට විය.
‘කොච්චර ලොකු ද?’ මම පෙරලා ඇසුවෙමි.
‘මාත්තයා.. මාත්තයා ගොඩක් වාසනාවන්තයි. මාත්තයා ඔඳට ඉගෙන ගත්තත්, මාත්තයාට අසුභ කාලයක් තමයි දැන් යනවා.’
‘එතකොට වාසනාවන්ත නිසාද අසුභ කාලයක් යන්නේ?’ ඇගේ කතාව ඉවර වෙනවාත් එක්කම මං ඇහුවේ ඇය කී කතාවේ කිසිම ගැළපිල්ලක් නැති නිසයි.
‘මාත්තයා ගෑනු දරුවෙක් නිසා අවුලකින්ද ඉන්නේ මාත්තයා?’
‘ආහ්’
හරිනේ. මං එවෙලේ ප්‍රේම පලහිලව්වක් නිසා අවුලකින් හිටියේ. (කතාවට පමණයි)
‘ඉතිං?’
මං තනි වචනෙන් අහපු ප්‍රශ්නෙට ඇය මෙසේ පිළිතුරු දුනි.
‘මාත්තයා, මාත්තයා ගොඩක් වාසනාවන්තයි. මාත්තයගේ හිත හයියයි. මාත්තයාගේ හොඳටයි ඒ දේ ඒම වුනේ. මාත්තයට ප්‍රශ්න අඩුකරගන්න පුළුවන් මෑණියන්ට භාරයක් වුනොත්……’

අවස්ථා 2

ප්‍රශ්න දෙකට හිතින් උත්තර දුන්නොත් වැඩේ සාර්ථකයි

1.කැමතිම රෝද හතරේ වාහනේ මොකක්ද? ………
2.කැමතිම පාට? ……..

හරි. දැන් ඔය පාට වාහනයක් පාරේ යනවා. ඊට අමතරව බයික්, ත්‍රී වීල්, ලොරි, තව නානාප්‍රකාරයේ වාහනත් පාරේ යනවා. වැඩි අවදානයකින් දකින්නේ සහ බලන්නේ අර කැමතිම පාටින් යන කැමතිම වාහනේ දිහා නේ?

අන්න ඒකට අපි කියනවා ‘සුලභ දෘශ්ඨි අගතිය’ කියලා. අපි දකින්නේ අපේ මනස දකින්න කැමති දේවල්. සරළව අපේ imagination හරි නම් ප්‍රතිඵලත් හරි.

අපි ඒ දේට කැමති නිසා, ඇල්මක් දක්වන නිසා තමයි අපි ඒ දේ දකින්නේ සහ පෙනෙන්නේ.
අපිට දෙයක් ලබා ගන්න ඕනේ නම් අපි ඒ දේ ගැන කරන imagination හරි වෙන්න ඕනේ සාධාරණ වෙන්න ඕනේ.
ඒකට පොසිටිව් imagination කියමු.

අවස්ථා 1 දිග අරියොත්,
අපි හැමෝම දන්නවා ශාස්තරේ සාස්තර සේරම අනුමාණකාරයෝ කියලා.
අපි ඉස්සරහ හිටගෙන, අපිට සුභයි අපිට අසුභයි වගේ නානාප්‍රකාරයේ දේවල් දහයක් කියයි. ඔය අනුමාණ දහයෙන් දෙකක් හරි ගියොත්, දෙකක් ඕනේ නෑ, එකක් හරි ගියොත්,
ෂා!! වෑව්.
අර හරියට අනුමාණ කරලා කියපු එක දේ ගැන විතරයි අවධානේ, නමුත් වැරදුනු ඒවා නමයක් තියෙනවා කියලා අමතකයි. නේ?
ඒකට තමයි කියන්නේ ‘සුලභ දෘශ්ඨි අගතිය’ කියලා.
අපේ මනස කැමති ඒ හරියට කියවුනු එක කොහොමද එහෙම හරියට කිව්වේ කියලා බලන්න. යොමු වෙන්නේ අර හරියට කියැවුනු දේට. ඒකයි හරියට කියැවුනු එක දේ නිසා වැරදියට කියවුනු නමයම මග ඇරෙන්නේ.

එක දෙයක් සරළයි….

අපි දකින්නේ අපි විඳින්නේ අපේ මනස කැමතිම දේ නම්,
අපි විඳින්න, දකින්න, ලබන්න කැමතිම දේ ගැන මනසින් කරන imagination එක සමාන වෙන්න ඕනේ.

පරිකල්පනය (+) නම් ප්‍රතිඵලය (+)
පරිකල්පනය (-) නම් ප්‍රතිඵලයත් (-)

පරිකල්පනය නොහොත් imagination කරපන්.
හරියට…

සුලභ දෘශ්ඨි අගතිය.

මගේ සිතුවිලි.

පැතුම් වීරසූරිය
-මනෝ විකාර-

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s