අම්මා තාත්තා

අපි හරි දරුවෝද?

කවදා හරි හිතිලා තියෙනවාද
උඹට, මට මේ ලෝකේ එලිය බලන්න,
වගකීමක් අරං උඹව මාව වදාපු, ජාතක කරපු
අම්මා තාත්තා දෙන්නා අනිවාර්යෙන් දවසක අපෙන් වෙන්වලා යනවා කියලා?
නැද්ද?
හොඳයි.
භක්තියෙන් කියවපං!!

වගකීමක් කියන දේ ගන්න ඕනැම තැනක මනුස්ස නියෝජනයක් තියෙන්න ඕනේ. මනුස්සයෝ දෙන්නෙක් විදියට වගකීමක් අරං, මේක කියවන උඹත්, මේක ලියපු මමත්, මේක කියවන්නත්, මේක ලියන්නත් හේතුව, ‘අම්මා තාත්තා’.
ලෝකය යනු නිරන්තර පෙරලියයි. ඉතිං මේ කැරකෙන ලෝකේ කැරකි කැරකි උඹත් මමත් දාව උපන් මිනිස්සු දෙන්නා තමයි ‘අම්මා තාත්තා’.
මට මේ ලියන එක, ලස්සන ලස්සන වචන දාලා හැඩ කරලා බොහොම ලයාන්විත විදියට අලංකාර සංයමයකින් ලියන්න තිබුනා.
ඇත්ත ඇති සැටියෙන් කතා කරන එක මනෝරථ ගන්ධර්භ වචන වලට වඩා ලේසියි, ලස්සනයි.
‘උඹ හරි දරුවෙක් ද’ කියන ප්‍රශ්නේ හිතින් අහලා බැලුවොත් මොකක්ද දෝන්කාර දෙන උත්තරේ?
එක එක හේතු උඹ දැන් යටි සිතෙන් මවාගෙන, යටි සිතත් එක්කම තර්ක කර කර, උඹ හරි දරුවෙක් කියලා උඹ උඹටම සාධාරණය කරගන්න ට්‍රයි කරනවා නම්,
යාළුවා, පිලිගනින්,
උඹේ අතින් ගොඩක් අම්මා තාත්තට සිත් රිදීම් වෙලා තියෙනවා.
යටිසිත කියන්නේ ඇත්ත ඇති සැටියෙන් ගබඩා වෙලා තියෙන තැන. ඇත්ත ඇති සැටියෙන් තියෙන තැනත් එක්ක උඹ තර්ක කරනවා කියන්නේ එතන මවා පෑමක් කරන්න උත්සහා කරනවා. මොකද උඹයි උඹේ යටිසිතයි දෙකම එකයි. තර්ක කරලා ඵලක් නැහැ.

අම්මා තාත්තාට දරුවෙක් විදියට උඹට මට දෙන්න පුලුවන් වටිනාම දේ ආදරය, සුර සැප, යාන වාහන, සල්ලි පනම්, රෙදි පිලි, බඩු මුට්ටු, හරකා බාන නෙමෙයි,
‘පුද්ගල වටිනාකම’.
උඹ මාසෙට ලක්ෂ ගනන් හම්බ කරලා යවලා, අඩුපාඩුවක් නැතුව සේරම දුන්නත් උඹ හිතනවා නම් යුතුකම් කරනවා කියලා,
ඒක බොරුවක්.
උඹේ සල්ලි වලින් වත්, කිසිම රෙද්දකින්වත් වැඩක් නැහැ,
උඹ පුද්ගලයෙක් විදියට උඹ උඹට දෙන පුද්ගල වටිනාකමක් තියෙනවා නේ? අන්න ඒ වටිනාකම උඹේ අම්මා තාත්තාට දෙන්නේ නැත්නම්.
‘අම්මේ මං ආදරෙයි තාත්තේ මං ආදරෙයි’ ළඟකදි කියපු කවුරු හරි ඉන්නවා නම්, මේ සටහන කියවලා ඉවර වෙලා මට කියපං. මට සතුටු වෙන්න කාරණයක් වෙයි ඒක.
යකෝ, උඹ උඹේ ගෑනිව/මිනිහව තුරුලේ දාගෙන නලව නලව මං ආදරෙයි මං කෑදරෙයි කියලා කියනවා වගේ, උඹේ ජහ ජරාව සේරම අපුල්ලලා හදපු අම්මට තාත්තට උඹට ආදරෙයි කියන්න බැරි? ඇයි? ලැජ්ජයි ද? නැත්නම් හිතෙන්නේ නැද්ද? ඒක දන්නේ උඹ.

‘හැමදාම දකින කුකුළා ගේ කරමල සුදුයි’ කියලා කියමනක් තියෙනවා. අම්මා තාත්තාගෙන් ඈත් වෙලා පිට රටක හෝ ඈතක ඉන්න උඹට මං මේ කතා කරන වටිනාකම ගැන, හැමදාම ගෙදර යනෙන එකෙකුට වඩා දැනෙනවා තේරෙනවා ඇති කියලා මගේ හිත කියනවා.
වදාපු අම්මාව දූශණය කරපු පුතාලා, හදාපු තාත්තට අත උස්සපු පුතාලා ගැන අපි අහලා තියෙනවා අපිට ඇහිලා තියෙනවා. එක අතකින් මේක කියවන උඹ සහ මේක ලියපු මම එහෙම දුවෙක් පුතෙක් නොවුන එකට අපි කියමු අපේ අම්මා තාත්තා වාසනාවන්තයි කියලා.

එකපාරක් අම්මේ මං ආදරෙයි තාත්තේ මං ආදරෙයි කියලා උඹට කියන්න පුලුවන් නම් උඹේ හිත ගොඩක් හයියයි. හැම එකාටම මේක කරන්න බැරි බවත් මතක තියාගමු.

දැන් දෙන්නේ නැති වටිනාකම සොහොන ගාව දෙන්න තියාගන්න එපා යාළුවා. පසුතැවෙන්න කාරණයක් ඉතුරු වෙයි උඹට.

මගේ සිතුවිලි.

පැතුම් වීරසූරිය
-අම්මා තාත්තා-

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s